Posts

තිරු කුමාර් නඩේෂන් අද අල්ලස් කොමිසමට

Image
  පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයට තුඩු දුන් පැනඩෝරා පත්‍රිකා සිද්දිය සම්බන්ධව හිටපු අමාත්‍යවරියක මෙන්ම අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා අද උදෑසන  10.00 ට අල්ලස් හා දූෂණ මර්ධන කොමිසම හමුවේ පෙනීසිටීමට නියමිතය. ඒ ඉහත සඳහන් කළ පැනඩෝරා පත්‍රිකා සම්බන්ධව ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොමිසම විසින් කරනලද දැනුම්දීමකට අනුවය. අල්ලස්  හා දූෂණ මර්ධනය විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් විසින් මෙම ප්‍රකාශ ලබාගැනීමට නියමිතය. පැනඩෝරා පත්‍රිකා වල නම් සඳහන් ශ්‍රී ලාංකික පුද්ගලයන් පිළිබඳව මසක් ඇතුලත පරීක්ෂණ පවත්වා තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා අල්ලස් හා දූෂණ මර්ධනය කොමිසමට නියෝගකර තිබුණි.

නමට පමණක් නැවතුනු අන්තර්ජාල ගණිකා ව්‍යාපාරය

Image
  නමට පමණක් නැවතුනු අන්තර්ජාල ගණිකා ව්‍යාපාරය මීට මාස කිහිපයකට පෙර අන්තර්ජාලය හරහා අලෙවි කළ 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව වෙබ් අඩවිය තහනමට ලක් කොට එම වෙබ් අඩවියේ අයිතිකරු අත්අඩංගුවට ගත්තද එම වෙබ් අඩවිය හා සමාන තවත් වෙබ් අඩවියක් මේ වනවිට අන්තර්ජාලය හරහා ගජරාමයට තම ගණිකා ව්‍යාපාරික කටයුතු සිදු කරමින් සිටිනා  බව Ceylon Guardian විශේෂ විමර්ශනයන්ට හසුවී ඇත. ඉහත සිද්ධියේ දී තහනම් කරනු ලැබූ වෙබ් අඩවිය අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර (internet search engine ) යොදා පිරික්සීමේදී මෙම කරුණු තහවුරු විය.            සාමාන්‍යයෙන් අඩවි නාමය(web domain ) හා අඩවි අවකාශය(web hostin) යනු වෙබ් අඩවියක අත්‍යාවශ්‍යය කරනා දෙකකි එයිනුත් වඩා වැදගත්  වන්නේ අඩවි නාමයයි එය එම අඩවියේ සන්නාමයයි  උදා Google.com , Facebook.Com youtube.com අඩවි අවකාශය යම්කිසි ජාල ප්‍රතිපාදන  සමාගමක (web hosting company) අතත්ය පුද්ගලික සේවා පරිගණකයක (virtual private server) හෝ තම පුද්ගලික පරිගණකයක වුවද පවත්වාගෙන යාමට හැකිය නමුත් අඩවි නාමය මිලදීගත යුතුය  යම් හෙයකින් අඩවි නාමය අහිමි වුවහොත්  එය වෙබ් අඩවියට ඉතා විශාල පාඩුවකි. එවන්